Search

දකුණු ඔස්ටේ්‍රලියාවෙන් සිගරට් කොට ගැන අලුත් නීතියක්

දුම්පානය කරන්නන් විසින් ප්‍රසිද්ධ ස්ථානවල ඉවත දමන දුම්වැටි කොට ඉවත් කිරීම දුම්වැටි සමාගම් විසින් සිදුකල යුතු බවට වන නව නීතියක් පැණවීමට දකුණු ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

ඊට අදාළ කෙටුම්පත ප්‍රාන්ත හරිත පක්ෂය විසින් මේ වනවිටත් කෙටුම්පත් කෙරෙමින් පවතින බව සඳහන්.

කිසියම් අයුරකින් දුම්වැටි සමාගම් විසින් ඒ සඳහා පියවර නොගතහොත් ඔවුන්ට ඉහළ දඩ පැණවිය යුතු බවටයි මෙහිදී යෝජනා කර ඇත්තේ.

ඉවත දමන දුම්වැටි කොට ඉවත් කිරීම සඳහා ප්‍රාන්ත රජයන් සහ ෆෙඩරල් රජය විසින් වාර්ෂිකව දැරිය යුතු වියදම ඩොලර් මිලියන 73 ක් බවට ගණන් බලා තිබෙනවා.

මෙම නීතිය සම්මත වුවහොත් දුම්වැටි කොට ඉවත් කිරීමේ පිරිවැය දුම්වැටි සමාගම් විසින් දැරිය යුතු බවට රෙගුලාසි පණවන ලද පළමු ප්‍රාන්ත රජය බවට දකුණු ඔස්ටේ්‍රලියාව පත්වනු ඇති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකදී සාගරය වෙත එකතුවන දුම්වැටි කොට සංඛ්‍යාව ට්‍රිලියන 4.5 ක්.