කොවිඩ් – ඉන්ෆ්ලුවෙන්සා රෝග 02 ටම තනි එන්නතක් ඔස්ටේ්‍රලියාව තුළ

කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝග 02 ටම මුහුණදිය හැකි එන්නතක අත්හදා බැලීම් ඔස්ටේ්‍රලියාව තුළදී ආරම්භ කර තිබෙනවා.

එම එන්නත සාර්ථක වුවහොත් වාර්ෂිකව ලබාගත යුතු වනු ඇති.

නොවාවැක්ස් සමාගම විසින් නිපදවන ලද මෙම එන්නත ඔස්ටේ්‍රලියාවට සමගාමීව නවසීලන්තය තුළද අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළ ස්ථාන 26 ක මෙම අත්හදා බැලීම සිදු කෙරෙන බවයි නොවාවැක්ස් සමාගම සඳහන් කරන්නේ.

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය තුළ පුද්ගලයන් 2000 ක් පමණ ඊට සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »