NSW ලිංගික හිංසන වින්දිතයන්ට ඔන්ලයින් පැමිණිලි නව ක්‍රමවේදයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලිංගික හිංසනවලට ලක්වන වින්දිතයන්ට ඒ පිළිබඳ ඔන්ලයින් ක්‍රමයට පොලිසියට පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

ඒ අනුව නිර්නාමිකව වුවද තොරතුරු ලබාදීමට හැකිවීම විශේෂත්වයක්.

භාෂා 12 ක් යටතේ මෙම සේවාව ලබාගත හැකි බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

මේ අනුව ලිංගික හිංසන වින්දිතයන්ට 2012 වසරේ සිට පැවති පිටු 14 කින් සමන්විත ලේඛණය සම්පූර්ණ කිරීමත් අනිවාර්යෙන් පොලිසිය හමුවේ පෙනී සිටීමත් මින් ඉදිරියට බලාත්මක වන්නේ නැහැ.

නිවු සවුත් වේල්ස් හි ගතවූ මාස 12 ක කාලය තුළ පොලිසියට වාර්තා වූ මාසික ලිංගික හිංසන පැමිණිලි සංඛ්‍යාව 64 ත් 70 ත් අතර අගයක පැවතී තිබෙනවා.

Link : https://portal.police.nsw.gov.au/adultsexualassault/s/sexualassaultreportingoption?language=en_US

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »