MyGov ව්‍යාජ ඊ-මේල් පණිවුඩයක් ගැන ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන රාජ්‍ය සේවාවක් වන MyGov හරහා ලැබෙන බව දැක්වෙන ව්‍යාජ ඊ-මේල් පණිවුඩයක් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ජනවාරි පළමුවනදා සිට ඉහළ දමන ලද දීමනා යටතේ වන මුදලක් ඔවුන්ට ලැබීමට නියමිත බවටයි එහි අන්තර්ගත වන්නේ.

ඩොලර් 640 සිට ඩොලර් 2200 දක්වා ප්‍රමාණයන්ගෙන් සමන්විත මෙම මුදල ඉක්මනින් ලබාගත හැකි බව දැක්වෙන එකක්ද මෙම ව්‍යාජ ඊ-මේල් පණිවුඩයේ ඇතුළත්.

එමගින් පුද්ගලික දත්ත සොරා ගැනීමක් සිදුවන බවත් ක්‍රෙඩිට් කාඩ්පත්වල අංක සොරා ගැනීමක් සිදුවන බවත් අනාවරණ කරගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතනයකින් ලැබෙන ලෙසයි මෙම ව්‍යාජ පණිවුඩය නිර්මාණය කර ඇත්තේ.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »