වසර 10 කට පසු වික්ටෝරියාවෙන් වෛරසයක් මතුවෙයි

වසර 10 කට පසු පළමුවරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරේ වැලි එන්සෙපලයිටීස් (Murray Valley Encephalitis) වෛරසය ආසාධිතයෙකු සොයාගෙන තිබෙනවා.

මදුරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වන මෙම වෛරසය ආසාධිතයෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සොයාගෙන දිනකට පසුවයි වික්ටෝරියා ප්‍රාන්තයෙන්ද එවැනි ආසාධිතයෙකු හමුවී ඇත්තේ.

හැකිතාක් මදුරු දෂ්ඨන වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව සිරුර හැකිතාක් ආවරණය වන ඇඳුම් භාවිතය සහ ගොවිපොළ ආශ්‍රිතව රැකියා කරන්නන් සහ වාසය කරන්නන් විමසිලිමත්වීම වැදගත් බව සඳහන්.

මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය සඳහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර එය ඇතැම්විට මාරාන්තික බවයි පැවසෙන්නේ.

අධික උණ – හිසරදය – ඇගපත රුදාව – වමනය සහ මස්පිඩු වේදනා එහි රෝග ලක්ෂණ අතර වනවා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »