ජල ගැලීම් නිසා 2022 දී ඔස්ටේ්‍රලියාවට $ බිලියන 05 ක පාඩුවක්

ජල ගැලීම් හේතුවෙන් පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියා ආර්ථිකයට සිදුවූ බලපෑම ඩොලර් බිලියන 05 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

එමෙන්ම අනෙකුත් ස්වභාවික ව්‍යසන හමුවේද සැළකිය යුතු පාඩුවක් සිදුවී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ජල ගැලීම් හමුවේ වැඩිම හානියක් සිදුවී ඇත්තේ කෘෂිකර්මාන්තයට වන අතර පතල් – සංචාරක සහ ඉදි කිරීම් කර්මාන්තයටද හානි සිදුවී ඇති බව සඳහන්.

පසුගිය වසරේ අවස්ථා 03 කදී වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලට ජල ගැලීම් වලට මුහුණදීමට සිදුවුණා.

මේ අතර පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 68 ක් පමණ කුමන හෝ ස්වභාවික ආපදාවකට මුහුණ දී ඇතැයිද මෙම වාර්තාවට අන්තර්ගතයි.

ලබන මැයි මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැයේදී සවභාවික ව්‍යසන ආපදා සඳහා වැඩි මුදලක් වෙන් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »