ඔස්ටේ්‍රලියාව සරණාගතයන්ට සළකන හැටි ගැන චෝදනාවක්

ස්වදේශික ජනතාවට – සරණාගතයන්ට සහ දේශගුණ විපර්යාස ක්‍රියාකාරීනට සළකන ආකාරය හමුවේ ඔස්ටේ්‍රලියාවේ මානව හිමිකම් වාර්තාව පහළ යනු ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අගවනවා.

විශේෂයෙන් මෙරට බන්ධනාගාරවල සියයට 29 ක් වැනි සැළකිය යුතු ප්‍රතිශතයක් ස්වදේශික ජනතාව රඳවා තැබීම රටේ ප්‍රතිරූපයට හානිකර තත්වයක් බවයි ඔවුන් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ.

සමස්ත ඔස්ටේ්‍රලියානු ජනගහණයෙන් ස්වදේශික ජනතාව නිරූපණය කරනුයේ සියයට 03 ක් වැනි ඉතා පහළ අගයක් පමණයි.

බාල අපරාධ අවම වයස් සීමාව අවුරුදු 14 ට වඩා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙනවා.

2021 වසරේදී ඔස්ටේ්‍රලියානු බන්ධනාගාර තුළදී මියගොස් තිබූ ස්වදේශික රැඳවියන් සංඛ්‍යාව 11 ක් වූ නමුත් 2022 වසරේදී එය 17 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මෙයද බරපතල තත්වයක් බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරන්නේ.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »