වසර 19 කට පෙර සිදුකල වරදකට නිවු සවුත් වේල්ස් අගමැති සමාව අයැදී

වසර 19 කට පෙර සිදුකල වරදක් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් සමාව අයැද තිබෙනවා.

ඒ සිය 21 වන උපන්දිනය දා නාසි සංකේත ප්‍රදර්ශනය වන ඇඳුමක් භාවිතය සම්බන්ධයෙනුයි.

මෙය තම ජීවිතය තුළ සිදුවූ විශාල වරදක් බවත් ඒ සම්බන්ධයෙන් සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සමාව අයැද සිටින බවත් අගමැතිවරයා කියාසිටියා.

මේ පිළිබඳ කරුණු දැක්වීමකට වසර 20 කට ආසන්න කාලයක් ගතවීම පිළිබඳවද ඔහු කණගාටුව පළකර සිටිනවා.

කෙසේවෙතත් ඩොමිනික් පෙරෝටේ විසින් මෙම සමාව අයැදීම සිදුකරනු ලබන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට මාස 02 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

 

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »