
ඔස්ටේ්‍රලියාවේ cash rate අගය ලබන මාසයේදීත් පදනම් ඒකක 25 කින් එනම් සියයට 0.25 කින් වැඩි කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව විසින් පියවර ගනු ඇති බවට අනාවැකි පළවනවා.
මෙරට උද්ධමනය සියයට 7.8 දක්වා ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිකුත් කල දත්ත පදනම් කරගෙනයි ඔවුන් මෙම පුරෝකථනය සිදුකර ඇත්තේ.
මේ අනුව ඔස්ටේ්‍රලියාවේ cash rate අගය අඛණ්ඩව ඉහළ යන 09 වන අවස්ථාව බවට මෙය පත්වනු ඇති.

දැනට එය සියයට 3.1 ක් ලෙසයි පවතින්නේ.
ඔස්ටේ්‍රලියාවේ ෆෙඩරල් සංචිත බැංකුව ලබන මස 07 වනදා නැවත රැස්වීමට නියමිත අතර පොළී අනුපාත ඉහළ දැමීම පිළිබඳ තීන්දුවක් එහිදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
