Just In : ධනුෂ්කගේ නඩුව පෙබරවාරි 23 දක්වා කල් දමයි

ඔස්ටේ්‍රලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන පෙබරවාරි මස 23 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ එම නඩුව අද නැවතත් සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල අවස්ථාවේදීයි.

දැනට පවතින සාක්ෂි මත පොලිසියේ නිරීක්ෂණ එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියම කලේ.

ධනුෂ්ක ගුණතිලක අද දිනයේදීත් අධිකරණ හමුවේ පෙනී සිට නොතිබූ අතර ඔහුගේ නීතීඥයන් විසින් ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඩොලර් 150,000 මුදල් ඇපයක් සහ තවත් දැඩි ඇප කොන්දේසි කිහිපයක් මත ඔහු මුදාහැරුණේ පසුගිය වසරේ නොවැම්බර් 17 වනදායි.

තවත් ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීම / සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කිරීම / රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීම තහනම් කිරීම ඒ අතර වනවා.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම, dating app භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වනවා.

මෙම ඇප කොන්දේසි අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි අධිකරණය අද දිනයේදීත් නියම කලේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක ගොනුකළ ලිංගික අතවර පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් මස 06 වනදා සිඩ්නි හෝටලයකදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුට එරෙහිව ලිංගික අතවර චෝදනා 04 ක් ගොනුකෙරුණු අතර පළමු ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ධනුෂ්ක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රයද මේ වනවිට අධිකරණය භාරයේයි පවතින්නේ.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »