නිවාස කුළියෙන් ඔස්ටේ්‍රලියාව 2022 දී වාර්තාවක් තියයි

මෑතකාලීන ඉතිහාසයේ ඔස්ටේ්‍රලියාව තුළ නිවාස කුළී වැඩිම අගයකින් ඉහළ ගිය වසර බවට පසුගිය වසර පත්වී තිබෙනවා.

2022 වසරේදී පෙර වසරට සාපේක්ෂව නිවාස කුළී සියයට 10.2 කින් වැඩිවී ඇති අතර ඒ අනුව දැනට සතියක නිවාස කුළියේ මධ්‍යයන අගය පවතින්නේ ඩොලර් 555 ක් ලෙසයි.

ප්‍රධාන නගර සැළකීමේදී වැඩිම අගයකින් නිවාස කුළී වැඩිවී ඇත්තේ බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් නගරවලයි.

එය සියයට 13 ක් වන අතර අඩුම අගයකින් නිවාස කුළී වැඩිවී ඇත්තේ කැන්බරා අගනුවරයි.

එය සියයට 4.3 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

මේ අතර මාස 10 කට පසු කුළී නිවාස වැඩිම සංඛ්‍යාවක් ලැයිස්තු ගත කෙරුණු මාසය බවටද පසුගිය දෙසැම්බර් මාසය පත්වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »