
සලකා බැලීමට ඉතිරිව ඇති වීසා අයදුම්පත් ප්‍රමාණය 600,000 ක් පමණ දක්වා අඩුවී ඇතැයි පාලක කම්කරු පක්ෂය පවසනවා.
සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් උපුටා දක්වමින් වාර්තා පළවී ඇත්තේ පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා වීසා අයදුම්පත් ලක්ෂ 40 ක් පමණ සළකා බලා අවසන් බවයි.
මේ අතර නිපුණතා ශ්‍රමික වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමේ අවම වැටුප වෙනස් කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

තාවකාලික පුහුණු සංක්‍රමණිකයෙකුට අනුග්‍රහය දැක්වීමේදී පිරිනැමිය යුතු අවම වැටුප දැනට ඩොලර් 53,900 ලෙස පවතින අතර දශකයකට ආසන්න කාලයක් එය එම අගයේම පවතිනවා.
මෙම අගය ඩොලර් 60,000 ත් 90,000 ත් අතර දක්වා ඉහළ දැමිය යුතු බවටයි යෝජනා ඉදිරිපත්වී ඇත්තේ.
