ධනුෂ්කගේ නඩුව අද යළි විභාගයට

ඔස්ටේ්‍රලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද නැවතත් සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කිරීමට නියමිතව තිබෙනවා.

ඩොලර් 150,000 මුදල් ඇපයක් සහ තවත් දැඩි ඇප කොන්දේසි කිහිපයක් මත ඔහු මුදාහැරුණේ පසුගිය වසරේ නොවැම්බර් 17 වනදායි.

තවත් ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීම / සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කිරීම / රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීම තහනම් කිරීම ඒ අතර වනවා.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම, dating app භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වනවා.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක ගොනුකළ ලිංගික අතවර පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් මස 06 වනදා සිඩ්නි හෝටලයකදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුට එරෙහිව ලිංගික අතවර චෝදනා 04 ක් ගොනුකෙරුණු අතර පළමු ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ධනුෂ්ක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රයද මේ වනවිට අධිකරණය භාරයේයි පවතින්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »