
ඔස්ටේ්‍රලියාව තුළ උද්ධමනය අඛණ්ඩව ඉහළගොස් තිබෙනවා.
පසුගිය නොවැම්බර් මාසයෛන් අවසන් වූ මාස 12 තුළදී මෙරට මාසික උද්ධමනය සියයට 7.3 දක්වා වැඩි වි ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත්කල දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
එය ඔක්තෝබර් මාසයේදී පැවතියේ සියයට 6.9 ක් ලෙසයි.

නිවාස – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය – සංචාරක වියදම් වැනි අංශවල මිළ ඉහළයාම් මීට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
ෆෙඩරල් සංචිත බැංකුව විසින් ලබන මස 07 වනදා ප්‍රකාශයට පත් කරන මීළග පොළී අනුපාතික වෙනසටද මෙම තත්වය සෘජුව බලපානු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
