වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීම ඉක්මන් වන ලකුණු!
Victoria ‘well-placed’ to bring forward next steps of eased COVID restrictions!
අඛණ්ඩව හත්වන දින වික්ටෝරියාහි කොරෝනා ආසාදිතයින් ගණන දහයට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ දිනය අදයි. ඒ අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ඊළඟ මට්ටමේ කොරෝනා නීති ලිහිල් කිරීම ඉදිරියට ගෙන ඒමට “හොඳින් ස්ථානගත” වී ඇත.
අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයා පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති අදහස් දැක්වූයේ ඔහු කලින් ආසාදිත තත්වයේ පසු වූ අයෙක් බවත් සෞඛ් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුරටත් සමීක්‍ෂණ පවත්වන බවයි.
සෞඛ් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ආරම්භක සංඛ්‍යාලේඛනවල දෙවන සිද්ධියක් පැවතුනද, විදේශගතව සිට ආපසු පැමිණ වික්ටෝරියානු ලිපිනයක් ඇති පුද්ගලයා එය අනෙකුත් ප්‍රාන්තයක හෝටල් නිරෝධානයේ පසුවන පුද්ගලයෙක් බවට සෞඛ් දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී.
“මම හිතන්නේ එළඹෙන සති අන්තයේ අපට වැඩිපුර කතා කිරීමටත්, නොවැම්බර් 1 වන දිනට නියම කර ඇති වෙනස්කම් කිහිපයක් ඉදිරිපත් කිරීමටත් අපට හැකි වී තිබේ. එය ඉතා හොඳ ආරංචියක්. වික්ටෝරියානුවන්ට තමන් ගැනම ආඩම්බර හැඟීමක් ඇති වේ යැයි සිතමි.”
නමුත් සෙනසුරාදා පැවතීමට නියමිත AFL අවසාන තරඟය සඳහා නීති ලිහිල් කිරීමට නොලැබෙන බවට Andrews තහවුරු කළේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එළඹෙන ඉරිදා දිනයේ සිල්ලර, පබ්, අවන්හල්, කැෆේ, බාර් සහ තවත් ව්‍යාපාර ගණනාවක් නැවත විවෘත කිරීමට අදාල නීති ලිහිල් කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.