වීසා නොදෙන බවට චීනයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීමක්

චීන සංචාරකයන්ට කොවිඩ් සෘණාත්මක වාර්තාවක් අනිවාර්ය කල ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් කිහිපයකට චීනය විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ අදාළ රටවලින් කෙටි කාලීන සංචාර සඳහා පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන් විසින් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්පත් සළකා බැලීම අත්හිටුවන බවටයි.

දැනටමත් දකුණු කොරියාවේ සහ ජපානයේ පිහිටා ඇති සිය තානාපති කාර්යාල මගින් එම රටවල පුරවැසියන්ට චීන වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඉදිරියේදී ඔස්ටේ්‍රලියාව – අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් සම්බන්ධයෙන්ද එවැනිම තීන්දුවක් ගැනීමටයි චීනය සඳහන් කරන්නේ.

කොවිඩ් තත්වය මත සෘණාත්මක පරීක්ෂණ වාර්තාවක් අනිවාර්ය කලද අදාළ රටවල එම තීරණය පිටුපස ඇත්තේ දේශපාලනමය අවශ්‍යතාවයක් බවටයි චීනය චෝදනා කරන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »