ඔස්ටේ්‍රලියාවේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව වාර්තා වූ ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.
අරමුදල් අවභාවිතයන්, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකායක බලපෑම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කලේ.
මෙම විමර්ශනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත්කරනු ලැබුවා.
මේ අතර තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට යළි සිඩ්නි නුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහු දැනට ඇප මත මුදා හැර ඇත්තේ දැඩි ඇප කොන්දේසි ගණනාවකට යටත්වයි.