ට්‍රාන්ස්කෝ කාර්ගෝ තවත් පිම්මක් ඉදිරියට

TRANSCO CARGO

ට්‍රාන්ස්කෝ කාර්ගෝ ආයතනයේ නවතම කාර්යාලය පසුගියදා කොළඹදී විවෘත කෙරුණා.

ඒ ශ්‍රී ලාංකිකයන්ට ඉහළ සහ ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණු කරගෙනයි.

වසර 30 කටත් අධික කාලයක සිට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් වෙනුවෙන් විශ්වාසනීය සේවාවත් පවත්වාගෙන ගිය ට්‍රාන්ස්කෝ කාර්ගෝ විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය අලූත්ම සේවාව ආරම්භ කරනු ලැබුවේ ලයන් එයාර් කුරියර් සේවාව නමිනුයි.

දින 07 ක් ඇතුළත අවශ්‍ය භාණ්ඩ ඉතා සුරක්ෂිතව යොමු කල හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

ට්‍රාන්ස්කෝ කාර්ගෝ පවසන්නේ ශ්‍රී ලාංකිකයන් සමග දීර්ඝ කාලයක් කටයුතු කර තිබීම හමුවේ තම ආයතනය විශ්වාසය පිළිබඳ උපරිම තහවුරු කිරීමක් ලබාගෙන ඇති බවයි.

දැනට මාසිකව ලාංකිකයන් 1000 ඉක්මවා ට්‍රාන්ස්කෝ කාර්ගෝ හරහා ඔස්ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවෙන බව සඳහන්.

ඊට අමතරව තවත් රටවල් ගණනාවකද ට්‍රාන්ස්කෝ කාර්ගෝ සේවාව ව්‍යාප්ත කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට භාණ්ඩ ගොඩ බෑමෙන් පසු නිෂ්කාෂනයෙන් පැය 24 ක් ඇතුළත කොළඹ නගරය තුළත් පැය 48 ක් තුළ දිවයින පුරාත් භාණ්ඩ බෙදා හැරීමද ලයන් එයාර් කුරියර් සේවාව හරහා සිදුවනු ඇති.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »