Golden Ticket ආයෝජන වීසා බලපත්‍රය තවදුරටත් ක්‍රියාත්මක කරන්නැයි ඔස්ටේරලියානු – චින ව්‍යාපාරික කවුන්සිලය විසින් ලේබර් පක්ෂ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමගින් ඔස්ටේරලියානු ආර්ථිකයට දැඩි පිටිවහලක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් සිදුකල හැකි ව්‍යාපාරිකයන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් අත්කරගත හැකි මාර්ගයක් ලෙසයි Golden Ticket වීසා බලපත්‍රය සැළකෙන්නේ.
කෙසේවෙතත් එම ක්‍රමවේදයේ ඇතැම් අක්‍රමිකතා සැළකිල්ලට ගෙන මෙම වීසා බලපත්‍රය අහෝසි කල යුතු බව ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් පසුගියදා සඳහන් කලා.
2012 වසරේ සිට Golden Ticket වීසා බලපත්‍ර 2300 ක් පමණ නිකුත් කර ඇති අතර එයින් සියයට 85 ක් පමණ ලබාගෙන ඇත්තේ චීන ජාතිකයන් විසින් බවයි අනාවරණ වී ඇත්තේ.