වික්ටෝරියා Myki කාඩ්පත් අහෝසි වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා Myki කාඩ්පත් ක්‍රමය අහෝසි වීමේ අවධානමක් මතුවී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් අදාළ ජපාන සමාගම සමග වන කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට සැළසුම් කරමින් සිටීම ඊට හේතුවයි.

මේ අනුව ක්‍රෙඩිට් – ඩෙබිට් හෝ වෙනත් ක්‍රමයක් මගින් ගාස්තු ගෙවීමට මගීන්ට සිදුවනු ඇති බව විකටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

මෙ වනවි සිඩ්නි නගරයේ භාවිතයට ගෙන ඇති කාඩ්පත් රහිත ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය හා සමාන ක්‍රමයක් ඉදිරියේදී මෙල්බන් නගරයට හඳුන්වාදෙන බවටද අගමැතිවරයා සහතික වනවා.

මේ සම්බන්ධ අවසන් තීරණයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉදිරියේදී ගැනීමට නියමිතයි.

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »