ටස්මේනියා ගිලන් රථ තුළදී වැරදි ඖෂධ ලබාදීම ඉහළට

ටස්මේනියා ප්‍රාන්තයේ ගිලන් රථ තුළදී රෝගීන්ට වැරදි ඖෂධ ලබාදීම ඉහළගොස් ඇති බවට චෝදනා එල්ල වි තිබෙනවා.

වැරදි ඖෂධ මාත්‍රා දීම මෙන්ම රෝගීන් සිටින නිවාස වෙත යාමේදී මාර්ග වැරදීම් ද වැඩිවී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ප්‍රාන්තයේ සෞඛ්‍ය වෘත්තිය සමිති පවසන්නේ සේවක හිගය හමුවේ රාජකාරි අධිකවීම මීට ප්‍රධාන හේතුව බවයි.

වැඩි රෝගීන් පිරිසකට හැකි ඉක්මණින් සේවය සැපයීමේ අරමුණ ඇතිව ගිලන් රථ කාර්ය මණ්ඩල සේවා ඉටු කිරීමේදී අත්වැරදීම් සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේත් දැඩි ගිලන් රථ ප්‍රමාදයක් පවතින බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »