Coles වෙතින් පාරිභෝගිකයන්ට සුභ පණිවුඩයක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් සඳහා පැණවූ උපරිම සීමාව තවදුරටත් පවත්වාගෙන යාමට කෝල්ස් (Coles) සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

ඊයේ දිනයේදී වාර්තාවූයේ මාස කිහිපයක් පැවති එම සහනය ලබන 31 වනදායින් පසු ඉවත් කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව සඳහා ලබාදෙන සහනයක් ලෙස තවදුරටත් උපරිම මිළ සීමා පවත්වා ගෙන යාමටයි Coles විසින් තීරණය කර ඇත්තේ.

භාණ්ඩ වර්ග 300 ක් පමණ සඳහා මෙම වරප්‍රසාදය අත්වීම විශේෂත්වයක්.

තවත් සුපිරි වෙඳසැල් ජාලයක් වන Woolworths විසින් මේ වනවිටත් මෙම මිළ සීමාව ඉවත් කර තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »