ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

පසුගිය සතියේදී නිකුත්වූ ජනගහන සංඛ්‍යාලේඛණ වාර්තාවේ සඳහන් වූයේ මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් අතුරින් නාගරික නොවන ප්‍රදේශ වෙත යොමුවන්නේ සියයට 17 ක් වැනි පිරිසක් පමණක් බවයි.

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

එය අවම වශයෙන් සියයට 40 ක් දක්වා හෝ වැඩි කරන්නැයි ප්‍රාදේශීය ඔස්ටේ්‍රලියා ආයතනය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එසේ නොවුණහොත් ප්‍රාදේශීය කලාපවල පවතින උග්‍ර සේවක හිගය පියවා ගැනීමට නොහැකිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉදිරි වසර 04 තුළදී මෙල්බන් නාගරික කලාපයට පුද්ගලයන් 70,000 ක් සංක්‍රමණය වනවිට ප්‍රාදේශීය කලාප සඳහා යොමුවන්නේ 7,000 ක් වැනි පිරිසක් පමණක් බවටයි ගණන් බලා ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රාදේශීය කලාපවල දැනට විවිධ ක්ෂේත්‍රවල රැකියා 96,000 ක් පමණ පවතින බවද සඳහන්.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »