නිවු සවුත් වේල්ස් පළමු නිවාස හිමියන්ට මුද්දර ගාස්තු සහනයක්

First home buyers

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත්, පළමු වරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් මුද්දර ගාස්තු අහෝසි කරන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂය පොරොන්දු වනවා.

ඉහළ යන ජීවන වියදමට එක් විසඳුමක් ලෙස මෙය යෝජනා කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඩොලර් ලක්ෂ 08 ක උපරිමයකට යටත්වන නිවාස සඳහා මෙම සහනය හිමිවන අතර ඩොලර් ලක්ෂ 10 ක උපරිමයකට යටත්වන නිවාස සඳහාද කිසියම් සහනයක් ලබා දෙන බවටයි ලේබර් පක්ෂය සහතික වන්නේ.

පළමු වසර 03 තුළදී පළමු වරට නිවාස මිළදී ගන්නන් 27,000 ක් මුලුමනින්ම මුද්දර ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර තවත් 18,800 කට වට්ටමක් හිමිවනු ඇති.

මෙහිදී ඩොලර් 45,000 කට ආසන්න සහනයක් නිවාස හිමියෙකුට ලැබීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »