වික්ටෝරියා බොහෝ ස්ථානවලට ඉදිරි දිනවල දැඩි උණුසුමක්

එලී (Ellie) නම් සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඉදිරි දිනවල දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 80 ත් 100 ත් අතර වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ස්ථානවලට ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 30 ත් 40 ත් අතර උෂ්ණත්වයක් පවතිනු ඇති බව සඳහන්.

දකුණු ඔස්ටේ්‍රලියාවටද මේ වනවිට දැඩි උණුසුම් කාළගුණයකුයි සටහන්වී පවතින්නේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට ධාරාණිපාත වර්ෂා තත්වයක් බලපා ඇති අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 500 ඉක්මවා ගිය වර්ෂාපතනයක් සටහන් වී තිබෙනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »