ඔස්ටේ්‍රලියා සංක්‍රමණ කෝටාව 220,000 දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියානු වාර්ෂික සංක්‍රමණ කෝටාව 220,000 දක්වා ඉහළ දමන්නැයි ඔස්ටේ්‍රලියානු ව්‍යාපාරික කවුන්සිලය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පශ්චාත් කොවිඩ් වසංගත තත්වයෙන් පසුව දේශ සීමා මුලුමනින්ම විවෘත කෙරුණද පුහුණු ශ්‍රමිකයන්ගේ දැඩි හිගයක් තවදුරටත් පැවතීම ඊට හේතුවයි.

2022-23 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ කෝටාව 195,000 ලෙස පවතින අතර ඉදිරි වසර 02 සඳහා එය තවත් 25,000 කින් ඉහළ දමන්නැයි ඔස්ටේ්‍රලියානු ව්‍යාපාරික කවුන්සිලය රජයෙන් ඉල්ලා සිටිනවා.

සමස්ත කෝටාවෙන් අවම වශයෙන් සියයට 70 ක් හෝ පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන ලෙසටයි ඔවුන් තවදුරටත් දන්වා සිටින්නේ.

මෙම යෝජනාව නොසළකා හැරියහොත් ඔස්ටේ්‍රලියාවේ පුහුණු ශ්‍රමික ගැටලුව තවත් වසර ගණනාවක් පුරා පවතිනු ඇති බවටයි ඔස්ටේ්‍රලියානු ව්‍යාපාරික කවුන්සිලය අවධාරණය කරන්නේ.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »