NSW සූදූ ක්‍රීඩා ඔට්ටු කාඩ්පත් සඳහා දිනයකට උපරිම අගයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සූදූ ක්‍රීඩා සඳහා එක් දිනයකදී යොදාගත හැකි මුදල් රහිත ඔට්ටු කාඩ්පත්වල (cashless gaming cards) වටිනාකම ඩොලර් 1,000 ත් 1,500 ත් අතර අගයකට නියම කිරීම කෙරෙහි අවධානය යොමුවි තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලේ ප්‍රාන්තය පුරා සියලුම පෝකර් යන්ත්‍ර සහිත ස්ථානවලට මෙම නියමය අදාළ කිරීමට අපේක්ෂා කරන බවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සූදූ ක්‍රීඩා නියාමන රෙගුලාසි මාලව යටතේ එක් පියවරක් ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.

මේ හා සමාන නීති මාලාවක් ටස්මේනියා ප්‍රාන්තය තුළද ක්‍රියාත්මක වනවා.

කෙසේවෙතත් ලබන මාර්තු මස පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී මෙම සංශෝධනය අයහපත් ලෙස බලපානු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »