කොවිඩ් ආසාධිත ක්‍රීඩකයන්ට පවා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලි වරම්

TENNIS

කොවිඩ් ආසාධිත ක්‍රීඩකයන්ට පවා මෙවර ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ඔස්ටේ්‍රලියානු ටෙනිස් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔවුන්ට තරග සඳහා සහභාගීවීමට හැකි මට්ටමක සිටීනම් කිසිදු බලපෑමක් නොමැති බවයි ඔවුන් දන්වා සිටින්නේ.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා අනුයුක්ත කර සිටින සේවක සේවිකාවන් 12,000 කට ආසන්න පිරිස සඳහාද මෙම නියමය අදාළ වනවා.

කෙසේවෙතත් කිසියම් අයෙකු කොවිඩ් හෝ වෙනයම් අයහපත් සෞඛ්‍ය තත්වයක පසුවේ නම් ඔවුන් තරගාවලියට සහභාගී නොවිය යුතු බවටයි ඔස්ටේ්‍රලියානු ටෙනිස් ආයතනය දන්වා සිටින්නේ.

මෙවර ඔස්ටේ‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ මූලික තරග ඊයේ ආරම්භ කෙරුණා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »