
වැටුප් ඉහළ දැමීම සහ ආරක්ෂිත සේවා කොන්දේසි තහවුරු කරන්නැයි ඉල්ලා ඇඩිලේඩ් නගරයේ බස් රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
හෙට අලුයම 03 දක්වා පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
මෙම වර්ජනය හමුවේ ඇඩිලේඩ් නගරයේ බස් රථ ධාවනයට සියයට 70 ක පමණ බලපෑමක් එල්ලවී ඇති බවටයි වාර්තා පළවන්නේ.

බස් රියදුරන්ගේ වෘත්තීය සමිති පවසන්නේ විවිධ හේතු මත මගීන්ගෙන් සිදුවන පහරදීම් ඉහළගොස් ඇති බවයි.
පසුගිය මාස 12 තුළදී එවැනි පහරදීම් සියයට 25 කින් පමණ ඉහළගොස් ඇති බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

කෙසේවෙතත් මගීන්ට අපහසුතාවයක් ඇති නොවීම පිණිස අමකර දුම්රිය සහ ට්‍රෑම් සේවා යෙදවීමට පියවර ගෙන ඇති බවද ඇඩිලේඩ් බළධාරීන් සඳහන් කරනවා.