
වැඩිහිටි ජනගහණය අතුරින් 10 න් 09 කට වැඩි පිරිසක් කුමන හෝ සයිබර් හිංසනයකට සම්බන්ධ බව ඔස්ටේ්‍රලියාව මූලිකත්වයෙන් සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
RMIT විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 18 ට වැඩි පිරිස් යොදාගනිමින් අමෙරිකාව සහ ඉන්දියාව තුළදීයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.
එහිදී සියයට 94 කට ආසන්න පිරිසක් පවසා ඇත්තේ තමන් ජීවිතයේ එක් අවස්ථාවක හෝ වෙනත් අයෙකු සයිබර් හිංසනයකට ලක් කර ඇති බවයි.

පිරිමි පාර්ශවය සැළකීමේදී සයිබර් හිංසනයට වැඩිම දායකත්වයක් සපයා ඇත්තේ වයස අවුරුදු 23 ත් 30 ත් අතර පිරිස බව සඳහන්.
උසස් අධ්‍යාපනය සහ මානසික උපදේශන මගින් පමණක් සයිබර් හිංසනය නතර කරගත හැකි බවයි RMIT විශ්ව විද්‍යාලය සිය නිගමන යටතේ දක්වා ඇත්තේ.

මෙහි මීලග අධියර ඔස්ටේ්‍රලියාව තුළදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.