
ඔස්ටේ්‍රලියාව තුළ අත්‍යවශ්‍ය ආහාර මිළ ගණන් ඉදිරි දින කිහිපයේදී නැවත වරක් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ඒ පසුගිය වසරේදී ඇතැම් ආහාර සඳහා පැණවූ උපරිම මිළ සීමා ඉවත් කිරීමට මෙරට ප්‍රධාන සුපිරි වෙළඳ සැල් ජාල 02 ම කටයුතු කිරීම හේතුවෙනුයි.
වූල්වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳ සැල් ජාලය විසින් දැනටමත් එම උපරිම මිළ ඉවත් කර ඇති අතර කෝල්ස් සුපිරි වෙළඳ සැල් ජාලය (Coles) විසින් අදාළ සීමා ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 31 වනදා සිටයි.

සංචිත බැංකුව විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත පොළී අනුපාතික වැඩි කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.
ගතවූ මාස 12 දී මෙරට තුළ එළවලු සහ පළතුරු මිළ ගණන් සියයට 16 කින්ද – පාන් සහ ධාන්‍යමය ආහාර මිළ ගණන් සියයට 10 කින්ද ඉහළ ගොස් ඇති බවයි ආර්ථික වාර්තාවල දැක්වෙන්නේ.
