Search

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත ඡන්ද විමසීමේදී ජය ගත හොත් එම නව නීති ක්‍රියාවට නංවන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

දැනට පවතින නීති යටතේ කුළියට නිවාසවල සිටින්නන් විසින් සුරතල් සතුන් ගෙන එන්නේ නම් ඒ සඳහා නිවාස හිමිකරු විසින් අවසර දිය යුතු අතර කිසිදු හේතු විමසීමකින් තොරව එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල හැකියි.

කම්කරු පක්ෂය විසින් එම රෙගුලාසි සංශෝධනය කිරීමට අපේක්ෂා කරන අතර එවැනි ඉල්ලීමක් ලැබුණහොත් දින 21 ක් ඇතුළත සළකා බලා අවසන් තීරණයක් දිය යුතු වනවා.

කිසියම් අයුරකින් ප්‍රතික්ෂේප කිරීමක් සිදුකල හොත් ඒ සඳහා බලපෑ හේතුන් ද නිවාස හිමිකරු විසින් පැහැදිලිව දැක්විය යුතු බවයි නිවු සවුත් වේල්ස් කම්කරු පක්ෂය සඳහන් කර සිටින්නේ.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස කුළියට සිටින පිරිස අතුරින් මිලියන 02 ක් පමණ සුරතල් සතුන් ඇති කරන්නන් බවයි අනාවරණ වී ඇත්තේ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »