වික්ටෝරියාවේ රියදුරන් ලක්ෂ 06 කට විශේෂ දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ලක්ෂ 06 කට ආසන්න රියදුරන් පිරිසකට මෙම වසරේ පළමු කාර්තුව අවසන්වීමට පෙර පනව රියදුරු බලපත්‍රය නිකුත් කර අවසන් කරන බව Vic Roads පවසනවා.

පසුගිය වසරේ සිදුවු ඔප්ටස් සයිබර් ප්‍රහාරය හමුවේ බලපෑම් එල්ල වූ වික්ටෝරියානුවන් ලක්ෂ 10 කට අලූතින් රියදුරු බලපත් කාඩ්පතක් නිකුත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව අදාළ කාඩ්පත්වල පිටුපස නව ආරක්ෂණ අංකයක් මුද්‍රණය කිරීමට නියමිතයි.

එය ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වල පිටුපස ඇති CVV අංකය හා සමාන එකක් වනු ඇති.

මෙම නව බලපත්‍රය මෙන්ම දැනට වික්ටෝරියා රියදුරන් භාවිත කරන රියදුරු බලපත්‍රයද යොදාගනිමින් බැංකු ගිණුම් විවෘත කිරීමට – ණය ඉල්ලූම් කිරීමට සහ වෙනත් එවැනි ඕනෑම කාර්යයක් සිදුකල හැකියි.

මේ අතර ලබන නොවැම්බර් මාසයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලක්ෂ 50 කට ආසන්න සියලූම රියදුරන් සඳහා නව කාඩ්පත නිකුත් කිරීම ආරම්භ කරන බවද Vic Roads සඳහන් කරනවා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »