චීන සංචාරකයන් ඔස්ටේ්‍රලියාවට එන්න අදිමදි කරයි

චීනය විසින් දේශ සීමා නීති ඉවත් කලද ඔස්ටේ්‍රලියාවට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් අඩුවන ළකුණු පළවී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ චීනය – තායිවානය සහ චීන මැකාවු යන රටවලින් ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංචාරකයන්ට ෆෙඩරල් රජය විසින් පණවා ඇති නව නීතියයි.

එවැනි සංචාරකයන් ඔස්ටේ්‍රලියාවට පැමිණෙන්නේ නම් ගුවන් ගමනට පැය 48 කට පෙර ලබාගත් සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

සංචාරක නියෝජිතයන් පවසන්නේ චීන සංචාරකයන් ඔස්ටේ්‍රලියාවේ සංචාරය කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන නමුත් මෙම රෙගුලාසිය හේතුවෙන් ඔවුන් ඊට තරමක් අදිමදි කරන බවයි.

මෙම තත්වය ඔස්ටේ්‍රලියාවේ සංචාරක කර්මාන්තයටද දැඩි පසුබෑමක් වනු ඇත්තේ චීන සංචාරකයන් විසින් මෙරට ආර්ථිකයට දැඩි දායකත්වයක් දැක්වීම හේතුවෙනුයි.

චීනය විසින් ඊයේ දිනයේදී සිය දේශ සීමා සියල්ල විවෘත කරනු ලැබුවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »