Search

2100 වසර වනවිට ඔස්ටේ්‍රලියාව පුරා දැඩි උණුසුමක්

2100 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවල අතිශය දැඩි උණුසුම් කාළගුණ තත්වයක් වසර පුරා පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

තවත් වසර 78 කින් ලොව දේශගුණ විපර්යාස කුමන ආකාරයක් ගනු ඇති දැයි පළකර ඇති නවතම පුරෝකථන වාර්තාවකයි මෙම තොරතුරු අඩංගු වන්නේ.

විශේෂයෙන් northern territory වැනි ප්‍රාන්තවල ඉහළ උණුසුමක් පවතිනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

ඒ අනුව දැඩි හිරු රෂ්මිය දරාගත නොහැකිව පුද්ගල මරණ පවා සිදුවිය හැකි බවටයි මෙම සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

වයෝවෘද්ධ ජනතාව – කුඩා ළමුන් සහ අවධානම් කාණ්ඩ ඒ අතර වනවා.

මීට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ යාමයි.

2100 වසර වනවිට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 කින් පමණ ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »