
විදේශයන් හි සිට ඔස්ටේ්‍රලියාවට මත්ද්‍රව්‍ය සමග පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.
දින 10 ක කාලය තුළ එලෙස පැමිණි 03 වන ගුවන් මගියාද අත්අඩංගුවට ගෙන ඇති බවයි දේශ සීමා ආරක්ෂක නිළධාරීන් සඳහන් කලේ.
66 හැවිරිදි මෙම තැනැත්තා දකුණු අප්‍රිකාවේ සිට පසුගිය සිකුරාදා සිඩ්නි ගුවන් තොටුපළට පැමිණ තිබුණා.

ඔහු සතුව තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සොයාගත් බවයි දේශ සීමා නිලධාරීන් පවසන්නේ.
මෙම තැනැත්තාට ජීවිතාන්තය දක්වා වන උපරිම සිර දඩුවමක් නියම වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කොකේන් කිලෝ 1.6 ක් සමග ප්‍රංශයේ සිට පැමිණි පෘතුගාල ජාතිකයෙකු පසුගිය පළමුවනදා සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැණුනු අතර දෙසැම්බර් 28 වනදාද කොකේන් සමග පැමිණි අයෙකු සිඩ්නි ගුවන් තොටුපළේදිම අත්අඩංගුවට ගැණුනා.