Search

ස්වදේශික ජනමත විචාරණයේ ප්‍රථිඵලය ගැන විපක්ෂ නායකගෙන් ඉගියක්

ස්වදේශික ජනතාව සම්බන්ධයෙන් ඉදිරියේදී පවත්වන ජනමත විචාරණය අනිවාර්යයෙන්ම පරාජයට පත්වනු ඇති බව ෆෙඩරල් විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කිසිදු සැළසුමකින් තොරව අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවයි.

ස්වදේශික ජනතාවට ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම අරමුණු කරගනිමිනුයි අගමැතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේවෙතත් එහි අවශ්‍යම කරුණු ඇතුළත්ව නොමැති බවට නැෂනල්ස් පක්ෂයද පසුගියදා චෝදනා කලා.

ලබන අගෝස්තු මස පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන අදාළ ජනමත විචාරණය පිළිබඳ ප්‍රශ්න 15 ක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා විසින් අගමැතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »