Search

මැක්ඩොනල්ඩ්ස් ලොව පුරා රැකියා කප්පාදුවක්

ලොව පුරා සිය අවන්හල් ජාලයේ රැකියා කප්පාදුවක් සිදුකිරීමට ජනප්‍රිය මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය තීරණය කර තිබෙනවා.

නව අවන්හල් ස්ථාපිත කිරීම වේගවත් කිරීම එහි අරමුණ බවයි ඔවුන් විසින් සේවකයන් වෙත යවා ඇති ලිපියක දැක්වෙන්නේ.

ලොව පුරා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් වල සේවකයන් ලක්ෂ 02 ක් අතුරින් තෝරාගත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කෙරෙනු ඇති.

ලබන මාසය අග භාගය වනවිට මෙම සියලු කටයුතු අවසන් කිරීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

කෙසේවෙතත් මැක්ඩොනල්ඩ්ස් විසින් මෙලෙස සේවක කප්පාදුවක සැරසෙන්නේ පසුගිය වසරේ මුල් මාස 09 දී සියයට 06 ක අලෙවි වර්ධනයක් තබා ඇති අවස්ථාවක වීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »