ක්වීන්ස්ලන්ඩ් E-scooter නීති කඩකල 800 කට දඩ පත්‍රිකා

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමග මාස 02 ක් ඇතුළත 800 කට වැඩි පිරිසකට දඩ පත්‍රිකා නිකුත් කර තිබෙනවා.

ඉන් බහුතරය හිස් වැසුම් නොපැළඳීම සම්බන්ධයෙන් බවයි ප්‍රාන්ත රජය සඳහන් කලේ.

එහිදී අයකරගෙන තිබූ දඩ ප්‍රමාණය ඩොලර් 62,000 කට අධික බවට ගණන් බලා තිබෙනවා.

තහනම් වීථිවල E-scooter ධාවනය – නියමිත වේග සීමා ඉක්මවා ධාවනය – මාර්ග සංඥාවලදී නතර නොකිරීම සහ ජංගම දුරකථන භාවිතය අනෙකුත් වැරදි අතර වනවා.

මේ අතර E-scooter භාවිත කරන්නන්ගේ සිරුරේ තිබිය යුතු අවම ඇල්කොහොල් ප්‍රතිශතයට අදාළ නීති මාලාවක් පැණවීම කෙරෙහිද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »