
බෝම්බ බියක් හේතුවෙන් ජෙට් ස්ටාර් ගුවන් යානයක් මධ්‍යම ජපානයට හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.
ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපළේ සිට ෆුකෝකා නගරය දක්වා අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වූ ගුවන් යානයකුයි මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ.
යානය තුළ බෝම්බයක් ඇති බවට කිසියම් පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදි ඇති බව සඳහන්.

හදිසි ගොඩබැස්වීමෙන් පසු ජෙට් ස්ටාර් ගුවන් යානය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇතත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගෙන තිබුණේ නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ජෙට් ස්ටාර් ගුවන් සේවය සඳහන් කරන්නේ.
