
අමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් න්‍යෂ්ඨික බලය සහිත සබ්මැරීන් මිළදී ගැනීමේ නව වැඩපිළිවෙලකට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.
අගමැති ඇන්තනීස් ඇල්බනීස් සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් විසින් අද පෙරවරුවේ පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීයි මේ බව අනාවරණය කෙරුණේ.
ඔස්ටේ්‍රලියාව – බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව විසින් අත්සන් තබන ලද නව ආරක්ෂක ගිවිසුමට කිසිදු බාධාවක් නොවන පරිදි මෙම මිළදී ගැනීම සිදුකරන බවත් අගමැතිවරයා නිවේදනය කලා.

ප්‍රංශයෙන් මිළදී ගැනීමට ගිය සබ්මැරීන කිහිපයක් මිළයට ගැනීම අත්හිටුවීමට පසුගිය ස්කොට් මොරිසන් රජය තීරණය කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව සහ ප්‍රංශය අතර තරක මතභේදාත්මක තත්වයක්ද ඇතිවුණා.
මේ අතර ඉදිරියේදී ඇඩිලේඩ් නුවරදී න්‍යෂ්ඨික සබ්මැරීන නිපදවන මධ්‍යස්ථානයක් පිහිටුවීමටද ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.
