
ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 3/5 ක් හෙවත් මිලියන 12 කට ආසන්න පිරිසක් තම විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයකින් පසුවන බව අනාවරණ වී තිබෙනවා.
ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට අපහසු වනු ඇතැයි යන්න පිළිබඳ ඔවුන් දෙගිඩියාවෙන් පසුවන බව සඳහන්.
නවතම මත විමසුමකදී හෙළිවී ඇත්තේ සියයට 18 කට ආසන්න පිරිසක් පමණක් තම විශ්‍රාම දිවිය පිළිබඳ ගැටලුවක් නැතැයි අදහස් දක්වා ඇති බවයි.

කානතාවන්ට වඩා පුරුෂයන් කිසියම් ස්ථාවරභාවයක පසුවන බවත් මෙහිදී අනාවරණ වී තිබෙනවා.
අවුරුදු 65 දී පමණ විශ්‍රාම යාමට බොහෝ පිරිසක් කැමැත්තෙන් පසුවුවද ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට නොමැතිවීම මත ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවටයි මෙහිදී හෙළිවී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මාසයකට ඩොලර් 713 කට ආසන්න මුදලක් විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කරනු ලබන්නේ සියයට 18 කට ආසන්න පිරිසක් පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.