Ausලංකා රේඩියෝ නිල විකාශන කටයුතු ඇරඹෙයි

AUS LANKA RADIO

Ausලංකා රේඩියෝ නිල විකාශන කටයුතු මීට සුලු වේලාවකට පෙර ආරම්භ කෙරුණා.

ඒ සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් උදා කර දෙමින්.

නවතම සංකල්ප මාලාවක් යටතේ පෙළගස්වා ඇති වැඩසටහන් අද සිට අන්තර්ජාලය ඔස්සේ Ausලංකා රේඩියෝ සවන්දීමට ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ට අවස්ථාව උදාවනවා.

අති නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙල්බන් හි ඉදිකල Aus ලංකා TV සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කිරීමද සිදුකෙරුණා.

ලාංකිකයන් ඉලක්ක කරගෙන විදේශයක සිට ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනයක් විසින් එකවර රූපවාහිනී සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් විවෘත කරන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගතවනු ඇති.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »