ඔස්ටේ්‍රලියාවේ අලුත්ම රේඩියෝ පරිච්ඡේදය තව සුලු වේලාවකින්

සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් උදා කර දෙමින් Ausලංකා රේඩියෝ තව සුලු වේලාවකින් නිල විකාශන කටයුතු ආරම්භ කරනවා.

ඔස්ටේ්‍රලියාවේ සිට විසුරුවා හරින 24 පැය පුරා ක්‍රියාත්මක පළමු ලාංකික ගුවන් විදුලිය බවටද Ausලංකා රේඩියෝ අද නිල වශයෙන් පත්වනවා.

නවතම සංකල්ප මාලාවක් යටතේ පෙළගස්වා ඇති වැඩසටහන් අද සිට අන්තර්ජාලය ඔස්සේ Ausලංකා රේඩියෝ සවන්දීමට ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ට අවස්ථාව උදාවනවා.

අති නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙල්බන් හි ඉදිකල Aus ලංකා TV සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කිරීමද අද දිනයේදීම සිදුවනවා.

ලාංකිකයන් ඉලක්ක කරගෙන විදේශයක සිට ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනයක් විසින් එකවර රූපවාහිනී සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් විවෘත කරන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගතවනු ඇති.

අද දවස පුරා ඔස් ලංකා මාධ්‍ය ජාලයට අයත් ෆේස්බුක් – වෙබ් – යූ ටියුබ් ඇතුලු සියලු සමාජ ජාල හරහා මෙන්ම ඇලෙක්සා – ගූගල් – Aus ලංකා LIVE ඇප්ලිකේෂනය ඇතුලු ක්‍රම හරහා මෙම නැවුම් අත්දැකීම විඳගැනීමට ඔබටත් අවස්ථාව පවතිනවා.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »