වික්ටෝරියා ප්‍රාන්තයේ කැන්ගරුවන් මරා දැමීමේ සැළසුම වහා අත්හිටුවන්නැයි Wildlife Victoria විසින් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා.
පැවති ජල ගැලීම් සහ දේශගුණ විපර්යාස හමුවේ ප්‍රාන්තයේ කැන්ගරු ගහණය සීඝ්රයෙන් අඩු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පසුගිය වසරේදී කැන්ගරුවන් 130,000 ක් පමණ ඝාතනය කිරීමට ප්‍රාන්ත රජය විසින් අනුමැතිය ලබාදුන්නා.
එය මෙම වසරේදී සියයට 30 කින් එනම් 166,750 දක්වා වැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් අවසර ලබා දී තිබෙනවා.
ප්‍රාන්ත රජය පවසන්නේ කැන්ගරු ගහණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම මීට හේතුව බවයි.
වාර්ෂිකව සිදුකරන තක්සේරුවක් අනුව මෙම සංඛ්‍යාව තීරණය කර ඇතැයිද වික්ටෝරියා රජය සඳහන් කර සිටිනවා.
මෙම තීරණයට වික්ටෝරියා හි ගොවි සංගම් විසින් සහය දැක්වීමද විශේෂත්වයක්.
වගා සඳහා සිදුකරන හානි හමුවේ වාර්ෂිකන කැන්ගරුවන් ප්‍රමාණයක් මරා දැමීමටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය 2019 වසරේදී තීරණය කරනු ලැබුවේ.