Ausලංකා Radio සාඩම්බර සම්ප්‍රාප්තිය අද – අති නවීන මැදිරි සංකීර්ණයත් විවෘත කෙරේ

AUS LANKA RADIO

මෙල්බන් ඇතුලු සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් උදා කර දෙමින් Ausලංකා රේඩියෝ අද නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කරනවා.

අති නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙල්බන් හි ඉදිකල Aus ලංකා TV සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කිරීමද අද දිනයේදීම සිදුවනවා.

මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ ඇතුලු ආරාධිත අමුත්තන් සහ ප්‍රභූන් විශාල පිරිසක් මේ සඳහා සහභාගීවීමට නියමිතයි.

ලාංකිකයන් ඉලක්ක කරගෙන විදේශයක සිට ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනයක් විසින් එකවර රූපවාහිනී සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් විවෘත කරන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගතවනු ඇති.

නවතම සංකල්ප මාලාවක් යටතේ පෙළගස්වා ඇති වැඩසටහන් අද සිට අන්තර්ජාලය ඔස්සේ Ausලංකා රේඩියෝ සවන්දීමට ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ට අවස්ථාව උදාවනවා.

ඔස්ටේ්‍රලියාවේ සිට විසුරුවා හරින 24 පැය පුරා ක්‍රියාත්මක පළමු ලාංකික ගුවන් විදුලිය බවටද Ausලංකා රේඩියෝ අද නිල වශයෙන් පත්වනවා.

අද දවස පුරා ඔස් ලංකා මාධ්‍ය ජාලයට අයත් ෆේස්බුක් – වෙබ් – යූ ටියුබ් ඇතුලු සියලු සමාජ ජාල හරහා මෙන්ම ඇලෙක්සා – ගූගල් – Aus ලංකා LIVE ඇප්ලිකේෂනය ඇතුලු ක්‍රම හරහා මෙම නැවුම් අත්දැකීම විඳගැනීමට ඔබටත් අවස්ථාව පවතිනවා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »