Search

ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරේ අවසන් වාර්තාවට තවත් වසර එකහාමාරක්

පුද්ගලයන් 04 දෙනෙකුට මරු කැඳවූ ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරට බලපෑ හේතුව ඇතුළත් අවසන් වාර්තාව නිකුත් කිරීමට තවත් වසර එකහාමාරකට ආසන්න කාලයක් ගතවනු ඇති බවට අනාවැකි පළවනවා.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය මෙන්ම ඔස්ටේ්‍රලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය ඒකාබද්ධවයි මෙම විමර්ශනය සිදුකරනු ලබන්නේ.

පසුගිය සඳුදා සිදුවු මෙම අනතුරේදී තුවාල ලැබූ 03 දෙනෙකු තවමත් බරපතල තත්වයේ පසුවනවා.

විමර්ශන අංශ පවසන්නේ අනතුරට නිශ්චිතම හේතුව තහවුරු කරගැනීමට තවත් දීර්ඝ කාලයක් ගතවිය හැකි බැවින් අවසන් වාර්තා නිකුත් කිරීමදප ප්‍රමාද විය හැකි බවයි.

ගෝල්ඩ් කෝස්ට් හිදී හෙලිකොප්ටර් 02 ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය එක් අයෙකු අනතුරට ලක්වු එක් හෙලිකොප්ටරයක නියමුවා වන Sea World වෙත අනුයුක්ත 40 හැවිරිදි අයෙකුයි.

මියගිය අනෙක් 03 දෙනා බ්‍රිතාන්‍ය ජාතික යුවළක් සහ සිඩ්නි පදිංචි කාන්තාවක බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »