වික්ටෝරියානු පොලිස් මෝටර් රථයක “Anti-Dan” ස්ටිකරයක්! පොලීසිය ඒ සම්බන්ධයෙන් උත්තර බඳී.

වික්ටෝරියානු පොලිස් මෝටර් රථයක “Anti-Dan” ස්ටිකරයක්! පොලීසිය ඒ සම්බන්ධයෙන් උත්තර බඳී.

Victoria Police responds after ‘anti-Dan’ Andrews sticker seen on patrol car.

මෙල්බර්න් හි ඊසානදිග තදාසන්න ප්‍රදේශවල අවට සිටින ප්‍රදේශවාසීන් පසුගිය ඉරිදා දින එක් පොලිස් මෝටර් රථයක් දැක​ කම්පනයට පත් වන්නට ඇත.

එයට හේතුව වන්නේ වික්ටෝරියානු අගමැති Daniel Andrews කෙරෙහි විශේෂ අප්‍රසාදයක් ඇති පුද්ගලයෙකු විසින් එය මෙහෙයවනු ලැබුවා යැයි සමහරු සිතිය හැකි බැවිනි.

මෝටර් රථයේ පිටුපස කවුළුව මත අලවා තිබූ ස්ටිකරයක වික්ටෝරියානු අගමැති Daniel Andrewsගේ මුහුණ පුරා රතු ඉරක් සහ “Make Victoria Great Again” යන ශීර්ෂ පාඨය ඇතුළත් විය.

මෙම පොලිස් මෝටර් රථයේ රියදුරු Andrews විරෝධී ක්‍රියාකාරිකයෙකු නොවන බව මහජනතාවට සහතික කිරීම සඳහා වික්ටෝරියා පොලිසිය සඳුදා ෆේස්බුක් පණිවිඩයක් මඟින් දැනුම් දුනි.

“ආයුබෝවන් හැමෝටම. වික්ටෝරියා පොලිස් වාහනයක පිටුපස ජනේලය මත ස්ටිකරයක් තබා ඇති ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සැරිසරන බව අපි දනිමු.

Yarra Glen හි වාහනය කෙටි වේලාවක් කිසිවෙකු නොමැතිව​ නතර කර තිබූ අතර ඒ අවස්ථාවේ  නාඳුනන පුද්ගලයෙකු වාහනයේ ස්ටිකරය අලවා ඇත.

අවාසනාවකට මෙන්, ස්ටිකරය දැක වහාම ඉවත් කිරීමට පෙර වාහනය Lilydale වෙත ගෙන යන ලදී.

වික්ටෝරියා ප්‍රාන්තය​ මේ වන විටත් ශ්‍රේෂ්ට යැයි අප සිතන නමුත් අපගේ වාහනවලට ස්ටිකර් ඇලවීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඔබට ස්තුතියි.” වික්ටෝරියා පොලිසිය සඳහන් කලේය​.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »