
මෙල්බන් ඇතුලු සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට පෙර අත් නොවිඳි නැවුම් මාධ්‍ය අත්දැකීමක් විඳ ගැනීමට හෙට අවස්ථාව උදාවනවා.
ඒ ඔස්ටේ්‍රලියාවේ සිට විසුරුවා හරින 24 පැය පුරා ක්‍රියාත්මක පළමු ලාංකික ගුවන් විදුලිය වන Ausලංකා රේඩියෝ හෙට නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කිරීමත් සමගයි.
නවතම සංකල්ප මාලාවක් යටතේ පෙළගස්වා ඇති වැඩසටහන් සමග හෙට සිට අන්තර්ජාලය ඔස්සේ Ausලංකා රේඩියෝ සවන්දීමට ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ට අවස්ථාව උදාවනවා.

පරීක්ෂණ විකාශන කාලයේදීත් ඒ සඳහා හිමිවූයේ අතිවිශාල ජනප්‍රසාදයක්.
අති නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙල්බන් හි ඉදිකල Aus ලංකා TV සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කිරීමද හෙට දිනයේදීම සිදුවනවා.

මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ ඇතුලු ආරාධිත අමුත්තන් සහ ප්‍රභූන් විශාල පිරිසක් මේ සඳහා සහභාගීවීමට නියමිතයි.
ලාංකිකයන් ඉලක්ක කරගෙන විදේශයක සිට ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනයක් විසින් එකවර රූපවාහිනී සහ ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් විවෘත කරන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගතවනු ඇති.
හෙට දවස පුරා ඔස් ලංකා මාධ්‍ය ජාලයට අයත් ෆේස්බුක් – වෙබ් – යූ ටියුබ් ඇතුලු සියලු සමාජ ජාල හරහා මෙන්ම ඇලෙක්සා – ගූගල් – Aus ලංකා LIVE ඇප්ලිකේෂනය ඇතුලු ක්‍රම හරහා මෙම නැවුම් අත්දැකීම විඳගැනීමට ඔබටත් අවස්ථාව පවතිනවා.