Software update අතරතුර ඡායාරූප අහිමිවූ Samsung පාරිභෝගිකයන්ට වන්දි

මෘදුකාංග යාවත්කාලීන කිරීම (software update) අතරතුරදී ඡායාරූප අහිමිවූ පාරිභෝගිකයන්ට වන්දි මුදල් ගෙවීමට Samsung Australia තීරණය කර තිබෙනවා.

එමෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන බවටයි ඔවුන් සහතික වි ඇත්තේ.

දැනට ලැබී ඇති වාර්තා අනුව මෙම දෝෂය දකුණු ඔස්ටේ්‍රලියාවේ පදිංචිකරුවන් පමණක් මුහුණ දුන් ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

Samsung වර්ගයේ ජංගම දුරකථන භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන් පසුගිය බ්‍රහස්පතින්දා අනාවරණය කර තිබුණේ දුරකථනය යාවත්කාලීන (update) කිරීමේදී කලු පැහැති තිරයක් දිස්වී සියලුම ඡායාරූප – වීඩියෝ සහ දුරකථන අංක (contacts) අහිමිවීම සම්බන්ධයෙනුයි.

එබැවින් මෑතකාලීන මෙහෙයුම් පද්ධති යාව්ත්කාලීන කිරීම (software update) සිදු නොකරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් දන්වා සිටිනවා.

සිද්ධිය පිළිබඳ ප්‍රතිචාර දක්වන Samsung Australia පවසන්නේ  1300 362 603 අංකය හරහා පැමිණිලි යොමු කරන ලෙසයි.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »